ස්මාර්ට් පන්ති කාමර කළමනාකරණය සහ ඵලදායී භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන 

දකුණු පළාතේ පාසල්වල ඉන්දීය රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන ස්මාර්ට් පන්ති කාමර වැඩසටහන යටතේ, පාසලට ලබාදෙන ස්මාට් පන්ති කාමර අභ්‍යන්තර ජාලය සහ අන්තර්ජාල පහසුකම් ඵලදායි භාවිතය පිළිබඳ ගුරුභවතුන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් විශේෂ පුහුණු වැඩසටහනක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, 2025 අප්‍රේල් 23 වන දින, පෙ.ව. 8:30 සිට ප.ව. 5:30 දක්වා ගා උස්වතුන් හසනා විද්‍යාලයේ පිහිටි දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ දී පැවැත්වේ. " ස්මාර්ට් පන්ති කාමර කළමනා කරණය සහ ඵලදායී භාවිතය" යන තේමාව යටතේ මෙම එක් දින පුහුණු වැඩසටහන පැවැත්වීමට නියමිතය.

මෙම පුහුණු වැඩසටහන මඟින් පහත සඳහන් කරුණු පිළිබඳව ගුරුභවතුන් දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.

  • සපයා ඇති ස්මාර්ට් පුවරුව, ටැබ්ලට් සහ Wi-Fi ඇක්සස් පොයින්ට් වල මුලික ක්‍රියාකාරීත්වය සහ සම්බන්ධතා පිළිබඳව අවබෝධයක් ලබා දීම.
  • ඇක්සස් පොයින්ට් ස්ථාපනය කිරීම, වින්‍යාස කිරීම සහ අන්තර්ජාල සම්බන්ධතාව බෙදා හැරීම පිළිබඳ ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීම.
  • ටැබ් පරිගණක සහ ස්මාර්ට් පුවරුව ඇක්සස් පොයින්ට් සමඟ නිවැරදිව වින්‍යාස කිරීමේ හැකියාව ලබා දීම. 
  • ස්මාර්ට් පන්ති කාමර තුළ ව්‍යාපෘති පාදක සහ විමසුම් පාදක ඉගෙනුම් ක්‍රම වේද ඵලදායීව භාවිතා කිරීම සඳහා මග පෙන්වීම. 
  • ස්මාර්ට් පන්ති කාමරවල ඇති තාක්ෂණික ගැටළු හඳුනා ගෙන මූලික නිරාකරණ ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම.