ස්මාර්ට් පන්ති කාමරය සවිබල ගැන්වීම සඳහා නවීන අධ්‍යාපන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ පුහුණු වැඩසටහන

ඉන්දීය රජයේ ආධාර යටතේ දකුණු පළාතේ පාසල් 200ක් තුළ ස්මාර්ට් පන්ති කාමර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය යටතේ ස්මාර්ට් පන්ති කාමර ලබා දෙන පාසල්වල විදුහල්පති, මධ්‍යස්ථාන් භාර ගුරුභවතා සහ තවත් විෂය ගුරුභවතුන් 3 දෙනෙකු බැගින් එක් පාසලකින් පුහුණු කිරීමට යෝජනා වී ඇත. 

ඒ යටතේ ස්මාර්ට් පන්ති කාමර භාරව කටයුතු කරන ගුරුභවතුන් සඳහා වන වැඩසටහන් මාලාවේ අධ්‍යාපන තාක්ෂණය සහ ස්මාර්ට් පන්ති කාමර,  21 සියවසේ ඉගැන්වීම් ක්‍රම සමඟ ඒකාබද්ධ කිරීම පිළිබඳ ගුරු ධාරිතා සංවර්ධන වැඩසටහන් මාලාවේ පළමු වැනි වැඩසටහන පහත පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇත.

දිනය     : 2025.06.26 සහ 27 දෙදින
වේලාව  : පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා
ස්ථානය: දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය, දෙවට

ව්‍යාපෘති යෝජනාව අනුව විෂය අන්තර්ගතය පහත පරිදි වේ.

  • How technology can benefit teaching and learning process
  • How to use digital tools in all formats of classroom
  • Project based classroom
  • Tab Computer-based classroom
  • Online classroom
  • Why and how technology can support the work you currently do
  • How you can use technology to prepare for the future
  • How to pick the right tool for your objective
  • How can you help your students behave responsibility online
  • Introduction to Digital Pedagogy
  • Difference between Digital Pedagogy and Classroom Pedagogy
  • Blended Learning
  • Project based Learning
  • Flipped Classroom